Sunday, July 6, 2014

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය ( Psychological Counseling )



              C.B. Wasundara                               
           B.Sc.(Phy.),  CC(TMI), ACB(TMI), HDIP(ICT), TT.Dip (NIE)
                         Psychological Counselor, Trainer (ASAP) 

              E Mail:    towasu@gmail.com, 0712 448 331


==========================================================

RIVIDINA - Online News

Healthy Life




Life Change





===============================
How to preventing Stress ??




Introduction to psycho Analysis  & Anxiety Based Disorders 





07.7.Sex and the society -Human sexuality and sexual disorders

14.7 Introduction to CBT -- Theory & Practical`s

21.7 Safe Drinking & Alcohol Counseling
28.7 Parenting & Practicals  

04.8.2014 Adolescents Counseling & Domestic Violence  

17.08.2014 Group Counseling Theory 

01.09.2014 Anger Management & Healthily Life


=================================================================================

මනෝ චිකිත්සාව (Psychotherapy) යනු කුමක්ද?


මනෝ ප්‍රතිකාරය, උපදේශණය, මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි. අප මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු.
සංනිවේදනය, එනම් කෙනෙකු තව කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීම, හරහා සිදුවෙන ප්‍රතිකාර ක්‍රම ඇත. මෙසේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධානම ක්‍රමය කතා බහ වන අතර වෙනත් ක්‍රම වන්නේ ලිපි හෝ ඊමේල් හෝ කෙටි පණිවිඩ හුවමාරුව යි. එසේම කතා බහ බොහෝ විට මුහුණට මුහුණ කෙරෙන අතර දුරකතනය, වීඩියෝ දුරකතනය වැනි ක්‍රමද අදාළ විය හැක.
සංනිවේදනය හරහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? මේ ගැන දැන ගැනීමට පෙර අප මනස වැඩ කරන හැටි මදක් විමසා බලමු.
මනස යනු අප සිතන දෑ, අපට දැනෙන/ හැඟෙන දෑ සහ අප කියන/ කරන දෑ යන ඒවායි. වෙනත් වචන වලින් කියතොත් අපේ සිතුවිලි (thoughts), හැඟීම් (emotions) හා හැසිරීම හෙවත් චර්යාව (behaviour) යනු අපේ මනසේ ක්‍රියාත්මක විමයි. මෙම සිතුවිලි, හැඟීම් හා හැසිරීම එකිනෙකට සම්බන්ධය. එකක් වෙනස් කළ විට තවෙකක් හෝ කිහිපයක් හෝ වෙනස් වෙයි.
නිදසුනක් ලෙස දියවැඩියාවට ප්‍රතිකාර ගන්නා පුද්ගලයෙකු සළකන්න. ඔහුට හැම විටම ඔහුගේ බිරිඳ තම බෙහෙත් බීම මතත් කරන්නේ යැයි සිතන්න. ඇය මෙය පමණ ඉක්මවා කරයි; අන් අය ඉදිරියේදීද නිතර බෙහෙත් බීවාදැයි අසයි. දැන් ඔහු තුළ අපහසුතාවයක් ඇති විය හැක. ඒ සමග ‘මේ බෙහෙත් බීම මොන වදයක්දැයි’ ඔහුට සිතෙයි. එම සිතුවිල්ලට ඈඳී ‘බිරිඳ තමයි මේ වදය මට දෙන්නේ’ යනුවෙන් සිතුවිල්ලක් ඇති විය හැක. දැන් ඇය ගැන තරහක් ඇති වෙයි. තරහ පිරිමහ ගැනීමට බෙහෙත් නොබී සිටිය හැකි බව ඔහුට පෙනෙයි. එවිට බිරිඳ කෝප වී තවත් තදින් සිටියි. දැන් ඔහු තුළ බිරිඳ ගැන ඇති තරහ තව වැඩි වෙයි.
ඉහත නිදසුනේ සිතුවිලි (‘මේ බෙහෙත් බීම මොන වදයක්ද’; ‘බිරිඳ තමයි මේ වදය මට දෙන්නේ’), හැඟීම් (අපහසුතාවය; තරහ; අධික තරහ) සහ හැසිරීම (බෙහෙත් නොබී සිටීම) අතර සම්බන්ධය අපය පෙනෙයි. මෙය දැන් දියවැඩියා අර්බුදයක් සේම විවාහ දිවියේ අර්බුදයක් දක්වා ඔඩු දුවන සැටි ඔබට පෙනෙයි.
අපට දැන් කළ හැක්කේ කුමක්ද? බිරිඳ නිතර අන් අය ඉදිරියේ බෙහෙත් බිවාදැයි අසන එක අඩු කළොත් ඔහු තුළ ඇති තරහ සහ ඊට ආදළ සිතුවිලි වෙනස් විය හැක. ඔහු බිරිඳගේ චර්යාව ගැන වෙනත් විදියකට බැලුවොත් ඔහු තුළ ඇතිවන සිතුවිලි වෙනස් කර ගත හැක. එවිට තරහව අඩු වනු ඇත. මේ දෙවිදියටම ඔහු නැවත බෙහෙත් කලට වේලාවට බොන කෙනෙකු බවට පත් වීමට ඉඩ ඇත.
ඉහත සඳහන් කළ වෙනස්කම් අපට සංනිවේදනය හරහා සිදු කළ හැක. නිදසුනක් ලෙස බිරිඳට මේ ගැන පහදා දී ඇගේ හැසිරීම වෙනස් කර ගන්නා හැටි පෙන්වා දිය හැක. මනෝ චිකිත්සාව යනු මෙයයි. මෙය බොහෝ විට චිකිත්සකයා කතාබහ නම් සංනිවේදනය හරහා සේවා ලාභියාට සලසන සේවයකි.
යම් යම් මනෝ චිකිත්සක යෙදුම් තත්පර හෝ විනාඩි කිහිපයක් ඇතළත සිදු කළ හැකි මුත් සාමාන්‍යෙයන් මනෝ චිකිත්සාව සතියකට හෝ දෙකකට වරක් චිකිත්සකයා මුණ ගැසී යම් දිගු වෙලාවක් කතා බහක නියැලී සිටීමයි. මෙම මුණ ගැසීම වාර ගණන ඒ ඒ තත්ත්වයන් අනුව කිහිප වතාවක් හෝ දස දොළොස් හෝ ඊටත් වැඩි වතාවක් හෝ විය හැක.
මනෝ චිකිත්සාව සිදු කරන ක්‍රම වේදය අනුව නොයෙකුත් ලෙස වර්ග කළ හැක. අප ඒ ගැන දැන් බලමු.

සේවා ලිභීන් ගණන අනුව:

සුලබම විදිය එක් චිකිත්සකයෙකු එක් සේවා ලාභියෙකුට චිකිත්සාව ලබා දීමයි. නමුත් ඉහත උදාහරණයේදී දියවැඩියි ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම චිකිත්සකයා හා කතා බහට කැඳවිය හැක. විශේෂයෙන්ම විවාහ දිවියේ ගැටළු වලට කරන ප්‍රතිකාර වලදී දෙදෙනාම කැඳවීම ට සිදු වෙයි. එය යුගළ ප්‍රතිකාර (couple therapy) නමි. තවත් සමහර අවස්ථාවලදී පවුලම කැඳවීමට සිදුවෙයි. එවිට එය පවුල් ප්‍රතිකාරයකි (family therapy). තවත් විටක කණ්ඩායමකට එකවර ප්‍රතිකාර කළ හැක. නිදසුනක් ලෙස මද්‍යසාර සම්බන්ධ ගැටළු ඇති කිහිප දෙනෙකු එකවිට කණ්ඩායකමක් ලෙස ගෙන්වා චිකිත්සාවක් ලබා දිය හැක. එවිට එය කණ්ඩායම් චිකිත්සාව (group therapy) නමි.

සංනිවේදනය කරන විදිය අනුව‍:

වඩාම සුලබ කතා බහ හරහා සිදු කෙරෙන ප්‍රතිකාරයයි. සමහරවිට වීඩියෝ දුරකතන (Skype) හරහා විය හැක. ලිපි ගනු දෙනු ඊමේල් හරහා ද යම් ප්‍රතිකාරයක් සිදු වියහැක. මෙය බොහෝ විට කතා බහ හරහා සිදු කෙරෙ ප්‍රධාන ප්‍රතිකාරයට අමතරව සිදුවෙන දෙයක් විය හැක. චිකිත්සකයෙකු නැතිව පරිගණකයක් හරහා යම් සරළ ප්‍රතිකාර ලබා දෙන අවස්ථාද ඇත.

චිකිත්සා තාක්‍ෂණය අනුව:

පුද්ගලයාගේ හැසිරීම වෙනස් කොට ඒ හරහා සිතුවිලි, හැඟීම් සහ වෙනත් චර්යා වෙනස් කිරීම චර්යා චිකිත්සාව (behaviour therapy) නම් වෙයි.
පුද්ගලයාගේ සිතුවිලි වෙනස් කොට ඒ හරහා හැඟීම්, චර්යා සහ වෙනත් සිතුවිලි වෙනස් කිරීම සිතුවිලි චිකිත්සාව (cognitive therapy) නම් වෙයි.
පුද්ගලයාගේ සිතුවිලි සහ චර්යාව වෙනස් කොට ඒ හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි තව දුරටත් වෙනස් කිරීම සිතුවිලි-චර්යා චිකිත්සාව (cognitive-behavioural therapy: CBT) නම් වෙයි.
පුද්ගලයාගේ හැඟීම් කෙරෙහිම වැඩි අවධානයක් යොමු කොට පුද්ගලයා තුළ තම හැඟීම් ගැන ඇති අවබෝධය වඩා නිවැරදි කොට ඒ හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම හැඟීම් පාදක චිකිත්සාව (emotion-focused therapy) නම් වෙයි.
පුද්ගලයාගේ මනසේ ගැඹුරේ කලක් තිස්සේ (නිදසුනක් ලෙස ළමා විය අනුව) තැන්පත් වුණු සිතුවිලි, හැඟීම් හා චර්යා පිරික්සා ඒ ගැන පුද්ගලයා විමසිලිමත් වීම හා තේරුම් ගැනීම හරහා මනෝගතික චිකිත්සාව (psychodynamic therapy) සිදු කෙරෙයි. ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණාත්මක චිකිත්සාවද (psychoanalytic therapy) මීට ළඟින් යයි.
සිතුවිලි-විශ්ලේෂණාත්මක ප්‍රතිකාරය (cognitive analytic therapy) යනුවෙන්ද එක් චිකිත්සාවක් ඇත.
පුද්ගලයාගේ යහපත් සිහිය වැඩි දියුණු කොට තමා තුළ ඇතිවන සිතුවිලි, හැඟීම් හා චර්යා ඒ මොහොතේම දැකීමට සළස්වා ඒ හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම යහපත් සිහිය පාදක චිකිත්සාව (mindfulness based therapy) නම් වෙයි.
පුද්ගලයාගේ මනසේ ගැඹුරට නොයා මතුපිටින් යම් යෝජනාවක් සිදු කර කෙරෙන චිකිත්සාව මෝහන ප්‍රතිකාරය (hypnotherapy) නම් වෙයි.
පුද්ගලයා තම ජීවිත කතාව කතන්දරයක් හැටියට කීමට සලස්වා එම කතාව වෙනස් කිරීමේ බලය පුද්ගලයාටම ඇති බව තේරුම් ගැනීමට සැලැස්වීම කතන්දර චිකිත්සාව (narrative therapy) යි.
පුද්ගලයාගේ හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම පුද්ගලයා හරහා පමණක් නොව පුද්ගලයා හා ගැටෙන අන් අයටත් පුද්ගලයාටත් පොදු සමස්ත සංස්කෘතික පද්ධතියම හරහාද සිදු කිරීම පද්ධති චිකිත්සාව (systemic therapy) නමි. පුද්ගලයාගේ මානව සබඳකම් වෙනස් කිරීම හරහා සුවය සැළසීම අන්තර්පුද්ගල චිකිත්සාව (interpersonal therapy) නමි.
රතිය/ ලිංගිකත්වය සම්බන්ධ රෝග වලට වෙන් වූ රති චිකිත්සාව (sex therapy) ඇත.

චිකිත්සා අරමුණු අනුව:

යම් යම් මානසික රෝග සුව කිරීමට හෝ එහි බලපෑම අඩු කිරීමට හෝ රෝගියාගේ අපහසුතාවය අඩු කොට එදිනෙදා ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට හෝ නොයෙකුත් චිකිත්සා ඇත. මානසික රෝග නැති ජීවිතයේ නොයෙකතු ගැටළුවලට මුහුණ දුන් අයට උදවු කිරීමේ චිකිත්සා ඇත. තම පුද්ගල සොබාව හෙවත් පෞරුෂය වෙනස් කර ගැනීම සඳහාද චිකිත්සාව සිදු කළ හැක.

ප්‍රතිකාර කෙරෙන රෝගය/ තත්ත්වය අනුව:

විෂාදය (depressive disorder) සුව කිරීමට සිතුවිලි-චර්යා චිකිත්සාව, අන්තර්පුද්ගල චිකිත්සාව, මනෝගතික චිකිත්සාව සිතුවිලි-විශ්ලේෂණාත්මක ප්‍රතිකාරය භාවිත වෙයි. විෂාදයට අමතරව සමාජ භීතිකාව (social phobia) ඇතුළු සියළුම කාංසා රෝග (anxiety disorders), ග්‍රස්ථිය (obsessive-compulsive disorder: OCD), ආහාර අනුභව රෝග (eating disorders), මද්‍යසාර-දුම්කොළ-මත්ද්‍රව්‍ය භාවිත රෝග (alcohol-tobacco-drug use disorders) වැනි රෝග රැසකට සිතුවිලි-චර්යා චිකිත්සාව සාර්ථක ප්‍රතිපල ගෙන දෙයි. පුරුදු සම්බන්ධ රෝග (habit disorders), එනම් ඇඟිලි ඉරීම, කෙස් ගැළවීම වැනි රෝග, වෙනුවෙන් විශේෂිත චර්යා ප්‍රතිකාර ඇත. සරළ භීතිකාවලට (simple phobias) සරල චර්යා ප්‍රතිකාර ඇත. රති රෝග (sexual disorders) වලට රති ප්‍රතිකාර ඇත. ක්‍ෂතිමය (trauma) තත්ත්වයනට මුහුණ දීම (උදා: සුනාමිය/ යුද්ධය/ බෝම්බ පිපිරීම වැනි තත්ත්ව) නිසා ඇති වන රෝග වලට සිතුවිලි-චර්යා චිකිත්සාව සහ වෙනත් චිකිත්සා ඇත.
රෝග නොව තත්ව, නිදසුනක් ලෙස සිරුරේ බර අඩු කර ගැනීම වැනි දේ පහසු කිරීමට ද ජීවිතයේ සිදු වන අහිමි වීම වලට මහුණ දීමටද ආදී වශයෙන් නොයෙකුත් චිකිත්සා ඇත.
පුද්ගලයාගේ සිතුවිලි, හැඟීම්, චර්යා වල විශේෂ වෙනස් කිරීමකට වඩා පුද්ගලයාගේ සිත් සැනසීම අරමුණු කර ගෙන කරන මනෝ චිකිත්සාව මනෝ උපදේශනය (psychological counselling) නමි.
 select from Dr. Mahesh ICHANGE
=====================================

මනෝ විද්‍යාත්මක උපදේශනය

මනෝ විද්‍යාව වු කලි මිනිසාගේ මනස සහ චර්යාව පිළිබදව කරනු ලබන විද්‍යාත්මක අධ්‍යයනයක් වශයෙන් දැක්විය හැක.
වර්තමානයේ දී මනෝවිද්‍යාව ඉතා දැවැන්ත විෂයක් ලෙස දියුණු වී පවතී. එමෙන් ම බොහෝ දෙනා මනෝ විද්‍යාව තමාගේ ජිවිතයට නව ආලෝකයක් ලබාදෙන විෂයක් ලෙස සැලකීමට පුරුදු වී ඇති අතර මනෝවිද්‍යාව ඉගෙනීමට මහත් රුචියක් ද දක්වන බව පෙනේ. මනෝවිද්‍යාව විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් සමන්විත වී තිබේ. සාමාන්‍ය මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, අධි මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝ විද්‍යාව, ජිව මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව ආදිය ඉන් කිහිපයකි. අප ඉහත සදහන් කළ මනෝවිද්‍යාත්මක උපදේශනය අයත්වන විෂය ‍ක්ෂේත්‍රය ලෙස සැලකිය හැක්කේ උපදේශන මනෝවිද්‍යාවයි.
දැන් අප මනෝවිද්‍යාවේ ඉතිහාසය මදක් විමසා බලමු. මනෝවිද්‍යාව ස්වාධීන හා විද්‍යාත්මක විෂයක් බවට පත්වුයේ 19 වන ශත වර්ෂය අගභාගයේ දීය. නමුත් මනෝවිද්‍යාව ඉතා දිගු අතීතයක් ඇති බව එහි ඉතිහාසය දෙස බැලු විට පෙනීයන කරුණකි. මිනිසා ලොව බිහි වු මුල් යුගවල සිටම තාමගේ මනසේ ස්වභාවය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන විමර්ශනය කිරීමට පුරුදුව සිටියේය. ලෝකයේ පුරාණ ශිෂ්ඨාචාර වන ඉන්දියානු ,චීන ,ග්‍රීක ,ඊජිප්තු බැබිලොනියානු ආදී ඒවායේ මෙයට සාධක දැකිය හැකිය. අවුරුදු පනස්දහසකට වඩා පැරණි මෙම ශිෂ්ඨාචාරවල මනස පිළිබදව විමර්ශණය හෙවත් මනෝවිද්‍යාව පැවතුනේ දාර්ශනික විෂයයක් ලෙසය. එකල දර්ශනය පොදු විෂයක් ලෙස සැලකුනු අතර සෑම ශාස්ත්‍රිය විෂයකම දාර්ශනික සංකල්ප අන්තර්ගත විය. ජිව, භෞතික, රසායන සහ ‍වෛද්‍ය ආදි වු ස්වභාවික විද්‍යා විෂයයන් ස්වභාවික දර්ශනය වශයෙන් පැවතුන අතර සමාජ, ආර්ථික, දේශපාලන, සමාජීය විද්‍යා විෂයයන් සමාජ දර්ශනය වශයෙන් පැවතුණේය. මෙහි දී මනස සම්බන්ධව සිදු කරන අධ්‍යයනය පැවතුනේ මනස පිළිබද දර්ශනය වශයෙනි.
මනෝවිද්‍යාවේ දියුණුවට‍ පුරාණ ග්‍රීකයන්ගේ චින්තනය ඉතා‍ වැදගත් වී තිබේ. ඔවුන් විශ්වාස කළ ආකාරයට මනෝවිද්‍යාව වු කලී මනස පිලිබද දර්ශනයකි. ශ්‍රෙෂ්ඨ ග්‍රීක දාර්ශනිකයෝ මනස පිළිබදව සහ එහි ස්වභාවය පිළිබදව සෙවිමට උනන්දු වුහ. මේ අය අතුරින් ක්‍රි.පු. 4 වන සියවස අගභාග‍යේ ජිවත් වු ප්ලේටෝට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මිනිසෙකුට ඔහුගේ ශරීරය හා ආත්මය යනුවෙන් කොටස් 2ක් ඇති බව ඔහු කියා සිටියේය. එකල මනස වෙනුවට ආත්මය යන පදය ග්‍රීකයන් විසින් භාවිත කරන ලදී. මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් වලට හේතුව මෙම ආත්මය බව ප්ලේටෝ කියා සිටියේය. තවත් ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනියකු වු ඇරිස්ටෝටල් ද ආත්මය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ. ඔහු ප්ලේටෝගේ ශිෂ්‍යයෙකි. මිනිසාට පමණක් නොව ශාක හා සතුන්ට ද ආත්ම පවතින බව ඇරිස්ටෝටල්ගේ මතය විය. තව ද ආත්මය පුද්ගලයාගේ ජීවයේ මුලධර්මය බව ද ඔහු කිවේය. මෙලෙස ග්‍රීක දාර්ශනියකයන් විසින් මනෝවිද්‍යාවේ එන විවිධ සිද්ධාන්ත ගොඩනගන ලදී.
මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන විමසිමේ දී 16 වන සියවසේ ජිවත් වු ප්‍රංශ ජාතික රෙනේ දෙකාර්න් කැපී පෙනෙන පුද්ගලයෙකි. ප්‍රථම වරට ආත්මය යන පදය වෙනුවට මනස යන පදය හදුන්වා දුන්නේ මොහුය. මිනිසා සහ ශරිරය යනුවෙන් කොටස් දෙකකට වෙන්කල හැකි බව ඔහු ප්‍රකාශ කලේය. ඉන්පසු මනස පිළිබද අධ්‍යයනයන් වෙනමත් ශරීරය පිළිබද අධ්‍යයනයන් වෙනමත් අංශ දෙකක් ලෙස වෙන වෙනම වර්ධනය විය.
18 වන හා 19 වන ශතවර්ෂවල ජීව, රසායන, භෞතික, වෛද්‍ය විද්‍යා මෙන්ම සමාජ විද්‍යාවන් හා විශේෂයෙන් මානව විද්‍යා ආදී විද්‍යාවල දියුණුව මනෝ විද්‍යාවේ සංවර්ධනයට බෙහෙවින් ඉවහල්විය. එම විද්‍යාවල සොයාගත් නවීන සොයාගැනිම් හා මතවාද මනෝවිද්‍යාවේ සෛද්ධාන්තික අංශයේ දියුණුවට බලපෑවේය. විශේෂයෙන් ම චාර්ල්ස් ඩාවින්, ඇල්බට් අයින්ස්ටයින්, හර්බට් ස්පෙන්සර්, ෆැන්සිසි ගැල්ටන් ආදීන් ගැන මෙහිදී සදහන් කල හැකිය. මෙලෙස දාර්ශනික පදනමක් මත ගොඩනැගුණු මනෝවිද්‍යා විෂයට වෙනත් විද්‍යාවල ආභාෂය ද ලැබුණි. මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රවේනි විද්‍යාත්මක දැනුම හා ශරීරයේ ජෛව රසායනික ක්‍රියාවලින් ආදිය පිළිබද කරන සොයාගැනීම් ද මනෝ විද්‍යවේ දියුණුවට හේතුවිය







පෞර්ෂත්වය - Personalty


කිසිම පෞර්ෂත්වයක් නැති මිනිහෙක්? එයාට තියෙන්නේ මාර පෞර්ෂත්වයක්. පෞර්ෂත්ව පුහුණු වැඩමුළු. පෞර්ෂත්ව වර්ධනය. මේ සියලු දේ ඔබ අසා ඇති. එත් මම ඔබගෙන් ඇසුවොත් මොකක්ද මේ පෞර්ෂත්වය කියන්නේ? පොඩි ළමයින්ටත් පෞර්ෂත්වයක් තියෙනවද? ලොකු අයට විතරද පෞර්ෂත්වය කියනඑක තියෙන්නේ? හොඳයි  පෞර්ෂත්වය යනු කුමක්ද? මනෝවිද්‍යාත්මකව පෞර්ෂත්වය ය


"It is a internal structure with in each & every individual fairly stable and unique to each and every person & acts according to internal and external stimuli."



 "අභ්‍යන්තර සහ භාහිර උත්තේජන වලට අනුකුලව ක්‍රියාකරන, එම පුද්ගලයාටම ආවේනික, සෑම පුද්ගලයෙකු තුලම පවතින යම් තාක් දුරකට ස්ථාවර යැයි සැලකියහැකි, මිනිස් අභ්‍යන්තරයේ පවතින මානසිකමය ආකෘතියකි ".
 සාමාන්‍ය යෙන් අවුරුදු 19 ක් පමනවනතෙක් මෙම අභ්‍යන්තර මානසික ආකෘතියෙහි ස්ථාවර බවක් ගැන අපට කතාකළ නොහැක, මන්ද අපි මව්කුසින් ලොවට බිහිවූ මොහොතේ සිට දලවශයෙන් අවුරුදු 19 පමණ වනතෙක් අකණ්ඩ පෞර්ෂ වර්ධනයක් සිදුවන අතර එය යම් ස්ථාවර තත්වයකට පත්වන්නේ වයස අවුරුදු 19 පමණවේ. එබැවින් අපි ළමයින්ගේ පෞර්ෂත්වය ගැන කතාකරනවට වඩා අවධානය යොමුකළ යුත්තේ ඔවුන්ගේ පෞර්ෂ වර්ධනය හා ඒ සඳහාවන භාහිර සහ අභ්‍යන්තර බලපෑම් පිලිබඳවය. තවත් අයුරකින් කිවහොත් කෙනෙකු දල වශයෙන් වයස අවුරුදු 19 වන තෙක් අපට ඔහුගේ හෝ ඇයගේ නිශ්චිත පෞර්ෂත්වයක් ගැන කතාකිරීම අපහසුය.
සිග්මන් ෆ්‍රොයිඩ් ට අනුව පෞර්ෂය කොටස් 3 කින් නිර්මාණය වී ඇත. එනම් ID , Ego සහ Super Ego යන ඒකක වලින්ය.

ID - බඩගින්න, පිපාසය, ලිංගික අවශ්‍යතා වැනි මුලික සත්ව අවශ්‍යතා මත ක්‍රියාත්මකවේ
Ego - මෙය හරිද වැරදිද? සමාජ සම්මතයට ගැලපෙනවද? යන මුලධර්ම මත ක්‍රියාත්මකවේ
Super Ego - සදාචාරාත්මක වටිනාකම් මත හොඳයිද නරකද යන මුලධර්ම මත ක්‍රියාත්මකවේ
මේවා එක්තරා විදිහක මානසික ශක්තින් ලෙසද හැඳින්විය හැක. උපතේදී අප තුල පවතින ප්‍රධානතම දෙයනම් මුලික සත්ව අවශ්‍යතාවන් වන බඩගින්න, පිපාසය වැනි සාධක මත කියත්මකවන "ID" වේ. එහිදී අපට බඩගිනි දනුනවිට කිසිම සෙවිල්ලක් බැලිලක් නැතිව හඬයි. අපේ කුසගින්න නිවෙනතුරු හඬයි. කුසගින්න නිසා ඇතිවන වේදනාව (pain) අඩුවී ආස්වාදය නැත්නම් තෘප්තිය (plesure) දැනෙනතුරු හඬයි. අපිට වෙන කිසි දෙයක් අවශ්‍ය නැත, අවශ්‍ය වන්නේ කුසගින්න කුසගින්න නිසා ඇතිවූ වේදනාව අඩුවී ආශ්වාදය නැත්නම් තෘප්තිය ලැබීම පමණි. මෙසේ මුලික අවශ්‍යතා කෙසේ හෝ සම්පුර්ණ කරගෙන වේදනාව අඩුකරගැනීම පමණක් පාදක කරගෙන ක්‍රියාත්මකවීම "ID" හි ස්වභාවයයි.
Ego යනු ඔබේ පෞර්ෂයේ විධායකයා නැත්නම් පාලකයා ලෙස හැඳින්වියැහැක. Super Ego සහ ID වෙතින් ඉදිරිපත්වන ආවේග තමාටත් සමාජයට ගැලපෙන ආකාරයට පාලනය Ego මගින් සිදුවේ. Ego නිතරම යම් දෙයක් හරිද වැරදිද යන්න මත ක්‍රියාත්මක වන අතර එය ඔබ කරන දෙය නීතියට හෝ සමාජ සම්මතයන්ට අනුකූලව කිරීමට අනුබල දෙන නමුත් එය සදාචාරාත්මකද නැත්නම් හර්ද සාක්ශියට එකඟද යන්න ගැන එතරම් තැකීමක් නොකරයි.
උදාහරණයක් ලෙස ඔබ පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම නීතියට අනුව වැරදි වේ. එය ඔබේ හර්ද සාක්ෂියටද විරුද්ධවේ, එහෙත් ඔබ සොල්දාදුවෙකුනම් ඔබ යුද පෙරමුණේදී සතුරාට වෙඩිතැබිම වැරදි නැත, නමුත් එය ඔබේ Super Ego ට අනුව ඔබේ හදවත ඔබට කියන්නේ එය වැරදි බවයි. "ඔබ අතින් ඝාතනය වූ පුද්ගලයා එනතුරු ඔහුගේ දරුවන් බලාගෙන සිටිනවා වියහැක." "ඔහු වටිනා මිනිසෙක්." "ඔබ ඔහුව මැරුවේ අපරාදේ." මේ ආදිය ඔබේ Super Ego විසින් ඔබට පවසනු ඇත. නමුත් ඔබ ඔබේ Ego ට අනුව නිවැරදි පුද්ගලයෙකි. මෙලෙස Super Ego ඔබ හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද යන්න තීරණය කරන අතර, Ego විසින් ඔබ නීතියට හා සමාජ පිළිගැනීම් වලට අනුව වැරදිද නිවැරදිද යන්න තීරණය කරයි. උපතේදී අපේ සිතේ Ego සහ Super Ego වෙනුවට ඇත්තේ ID පමණි. නමුත් කාලයත් සමග Ego සහ Super Ego අපේ පෞර්ෂයේ කොටස්වේ.

කෙනෙකු තුල ඇති ID නිසා ඔහුගේ Super Ego යන පෞර්ෂය එකක Ego මගින් පාලනයවන අතර, යම් අයෙකු තුල ID වෙතින් පෙන්වන ගතිලක්ෂණ වැඩිවශයෙන් දක්නට ලැබීම ඇතැම්විට සමාජයට හානිදායක හෝ තර්ජනයක් වන පුද්ගලයෙකු බිහිවීමට ඉඩ ඇති අතර, Super Ego මගින් පෙන්වන ගති ලක්ෂණ වැඩි පුර ඇතිවිට තමන්ට අවාසි දායක වියහැක. Super Ego මෙන් නොව නිතරම Ego නැත්නම් "මමත්වය" තමන් මුලික කරගෙන ආත්මාර්ථකාමිව තම අරමුණු ඉටුකරගැනීමට උත්සහ කරයි. එබැවින් තමන්ගේ ජීවිතය නැතිකර ගැනීමට බොහෝවිට Ego ඉඩ නොදෙයි, නමුත් Super Ego සදාචාරාත්මක වටිනාකම් (moral values) වලට මුලිකත්වය දෙන බැවින් සුළු වශයෙන් හෝ එවැනි සදාචාරාත්මක කඩ කිරීමක් සිදුවුවහොත් විශාල මානසික පිඩාවකට උවත් පත්වියහැක.
එක් මවක් තම අතින් ගිලිහුණු එකම කුඩා බිලිඳා දරුණු සැඩ පහරක් සහිත ගංගාවකට වැටි මියයමින් සිටිනවිට, තමන්ට ඔහුව බේරාගැනීමට බැරිබවත් තමන්ට පිහිනීමට බැරි බවත් දැන දැනම එම ගඟට පැන්නේය. "මගේ දරුවා නැතිව ජීවත්වෙලා වැඩක් නැහැ" "අනේ මගේ එකම දරුවා" "මම කොහොමද එයා නැතිව ජිවත්වෙන්නේ " "දරුවා බේරගන්න " මෙසේ කියන්නේ ඇයගේ Super Ego වේ. එහෙත් මේ මව ගඟට පැන තමාවත් දියේ ගිලෙනවිට කෙසේ හෝ තම ජීවිතය බේරා ගැනීමට ගඟේ පාවී එන ලිකොටයක් අල්ලාගෙන ගොඩට ඒමට උත්සහ දරයි.
මෙම ID, Ego සහ Super Ego යන ත්‍රිත්වය අඩු වැඩි වශයෙන් සංකලනය වී එක් එක් පුද්ගලයාගේ පෞර්ෂයේ ඔහුට හෝ ඇයට ආවේනික ගති ලක්ෂණ පෙන්නුම් කරයි .


පෞර්ෂය වර්ධන අවදියේදී මුහුණදෙන ඇතැම් අමිහිරි සිදුවීම් නිසා පසුකාලීනව යම් යම් පුද්ගලයන්තුල අසමතුලිත් පෞර්ෂයක් දකියැහැක. එබැවින් විශේෂයෙන් උපදේශනයේදී එම පුගලයා ඔහු කුඩා කාලයේ මුහුණදුන් සිදුවීම් සහ හැදුනු වැදුණු පරිසරය ගැන විමසිලිමත්වීම් ඉතාමත් වැදගත්වේ.





2 comments:

  1. Casinos in North Carolina - Mapyro
    Best 사천 출장샵 Casinos in North Carolina. Find the best 전라북도 출장마사지 casino near you 춘천 출장안마 and browse 제주 출장안마 reviews of the best casinos in North Carolina. Mapyro has top picks for 정읍 출장마사지

    ReplyDelete