Healthy Life and Anger Management
පවුලක ආදරේ නැති වීමට බලපාන්නේ කුමක් ද?
පෙම්වතුන්ව සිටි අවදියට වඩා විවාහ වී අවුරුද්දක් දෙකක් යන විට බොහෝ පවුල්වල ආදරය වෙනස් ස්වරූපයක් ගනී. සමහර පවුල් වල ප්‍රශ්න දුර දිග යාමටද මෙය බලපායි.
නූතන සමාජයේ ආදරය නැති වීමට ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයකි මත් ද්‍රව්‍ය මද්‍යසාර භාවිතය. මේ දේවල් භාවිතයත් සමග නිවසේ විවිධ ගැටලු රාශියක් පැන නගී. උදාහරණයක් ලෙස මද්‍යසාර භාවිතාකරන පවුලක් තුළ ආර්ථික ගැටලු ලිංගික ගැටලු සැකය ආදී ගැටලු රැසක් එක විට මතු විය හැකිය. පාවිච්චි කරන කෙනා තුළ මෙන්ම නිවැසියන් තුළ ද දිනෙන් දින ආදරය සතුට නැති වෙනවා ඇරෙන්න වෙන කිසි දෙයක්
අලුතින් ලැබෙන්නේ නැත.
ආදරය නැති වීමට බලපාන තවත් දෙයකි සුන්දර බව නැතිවීම. ආදරය කරන මුල් කාලයේ අදින පළදින ආකාරය වෙනස් වී අපිරිසිදු බව අපිළිවෙල මතුවීමත් නිසා නිවසේ ආදරය පෑල දොරින් පැන යයි. නිවසින් බැහැරට යන ස්වාමි පුරුෂයා සවස බීමත්ව අපිළිවෙලට හතර ගාතෙන් පැමිණෙන විට තවත් ආදරය කරන්නට සිතේදැයි සිතා බලන්න. දරුවන් බිරිද සිප ගැනීමට මුහුණ ලං කරන තාත්තාගේ කටේ අරක්කු සිගරට් ගද දැනෙන විට ආදරේ කරන කෙනෙකුට වුවත් කුමක් සිතේ දැයි සිතා බැලිය යුතුය.
පෙම්වතුන්ව සිටි අවදියේ මෙන් නොව විවාහ වී දෙවසරක් පමණ ගත වෙන විට බිරිද ද කම්මැලි කමට හුරු වී පෙර දින හැදි වතම හැද ගෙන ඉස කෙස් විලිස්සගෙන හිදිනා දුටු කවරෙක්ට වුව ද ආදරය කොරන්නට සිතේද? අප නිවසේ සිටියත් රැකියාවේ සිටියත් ඇති එකම ඇදුම වුවද පිළිවෙලට ඇද පිරිසිදුව සිටිනු දකින කවරෙක්ට වුවද ආදරය කරන්නට සිතෙනු ඇත.
නිවසේ අප කථා කරන භාෂා ස්වරය ද ආදරය නැති වීමට බලපානු ඇත. පෙර පෙම්වතුන්ව සිටියදී සුදූ පැටියෝ කියපු කටින්ම ඕයි තමුසේ ගෑනි මිනිහා මළ වදේ යන ස්වරයට පත් වීමද ආදරය නැති වීමට සෘජුවම බලපායි.
සැකයද පවුලේ ආදරය නැති වීමට සෘජුවම බලපායි. දුර්වල තැන් බලමින් විවිධාකාර ලෙස සැක කරමින් බැන වැදීමද ආදරය නැති වූ දිනෙක සිදුවන දෙයකි. සැමියා බිරිද මෙන්ම බිරිද සැමියා දෙසද සැකයෙන් බලන විට ඇත්තටම නොවු දේවල්ද වුනා මෙන් දොස් නගා ගැනීම තුලින් එවන් දේවල් තව වර්ධනය වෙනවා හැරෙන්නට වෙන සිදුවන දෙයක් නොමැත. 
වෙනස් වීමට ඉඩ ලබා නොදීමද ආදරය නැති වීමට බලපායි. උදාහරණ ලෙස දරුවෙක් යම් අකටයුත්තක් කල විට එයින් කාප වන දෙමව්පියන් බහුතරයක් පළමුව කරන්නේ දඩුවම් දීමය. එම අකටයුත්ත නැවත වරක් කිරීමට පෙළබීම වැලැක්වීමට සුදුසු දේ නොකිරීම කනගාටුවට කරුණකි. දරුවාට වෙනස් වීමට කාලය ලබාදීම වෙනුවට කරන්නේ සිර කිරීමයි.
තමන් තමාටම අවංක පුද්ගලයෙක් වෙන්න
2. ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න, අන්අයට වඩා තමාව විශ්වාස කරන්න
3. හැම විටම මුහුණ මද සිනහවක් මතු කරගන්න
4. තරහ ගැනීම අවම කරගන්න
5. නිවරදි මග පෙන්වීමක් යටතේ භාවනාවේ යෙදෙන්න
එසේ බැළු විට මත්ද්‍රව්‍ය මද්‍යසාර භාවිතය, සුන්දර බව නැතිවීම, කම්මැලිවීම, කථා කරන භාෂා සවරය , සැකය, වෙනස් වීමට ඉඩ ලබා නොදීම ආදරය නැති වීමට ප්‍රධාන කොට බලපායි.
කෝපය
පුද්ගලයෙක් ආපන ශාලාවකට ගොස් කෑමක් ඇණවුම් කර එය ලැබෙන තුරු වාහනයේ රැඳී සිටියා. ඒ සඳහා වැඩි කාලයක් ගත වුණා කියා සිතූ ඔහු ආපන ශාලාවට ගොස් එහි සිටි සේවකයාට තදින් බැණවැදී ඔහුගේ කම්මුලට ගසා කෑමත් රැගෙන කෝපයෙන් පිට වී ගියා.අප සෑම කෙනෙකුටම විටින් විට කෝපයක් ඇති වෙනවා. එය හරියට ආදරය, දුක, බිය වැනි හැඟීමක්. සමහර අවස්ථාවලදී අපට ඇති වන කෝපය නිසා අපට යම් බාධා ජය ගැනීමට හැකි වුණා නම් එවැනි කෝපයකින් සිදු වී තිබෙන්නේ අයහපතක් නොවෙයි. උදාහරණයකට ඔබගේ යම් දුර්වලකමක් නිසා සමහර අය ඔබව පහත් කරනවා කියා සිතන්න. එවිට ඔබට කෝපයක් ඇති වෙනවා. එම කෝපය නිසා ඔබ ඔබේ දුර්වලකම සකස් කරගැනීමට පියවර ගන්නවා. එවැනි කෝපයකින් ඔබට සිදු වී තිබෙන්නේ යහපතක්.කෝපය පාලනය කරගත්තේ නැත්නම් සිදු වන්නේ අයහපතක්. සමහර පුද්ගලයන්ට වෙනත් අයට වඩා ඉක්මනින්ම කේන්ති යනවා. එවැනි අය කේන්ති ගිය විට බැණවැදීමට හෝ පහර දීමට පෙලඹිය හැකියි. ඔවුන් කෝපය පාලනය කරනවා වෙනුවට කෝපය ඔවුන්ව පාලනය කරයි. එවැනි දෙයක් සිදු වීම ඇත්තෙන්ම භයානකයි. කෝපය පාලනය කර නොගැනීමෙන් පීඩා විඳින්නේ එම පුද්ගලයා පමණක් නොව ඔහු ඇසුරු කරන අයටත් එය බලපානවා. පුංචි දෙයටත් කිපෙන පුද්ගලයන් අතින් භායානක අනතුරු සිදු විය හැකියි. පහත සඳහන් අද්දැකීම්වලින් එය පැහැදිලි වෙනවා.මිතුරන් කිහිපදෙනෙක් ජනාකීර්ණ මාර්ගයක ගමන් කරමින් සිටින විට ඔවුන් අතර සිටි කෙනෙකුගේ බෑගයක් පාරේ ගිය පුද්ගලයෙකුගේ ඇඟේ වැදුණා. එයින් කෝපයට පත් වූ එම තැනැත්තා තැබූ වෙඩි පහරකින් ඔවුන් අතර සිටි කෙනෙක් මිය ගියා.දහනව හැවිරිදි තරුණයෙක් තම පෙම්වතියගේ මාස 11ක් වයසැති දරුවාට ගැසූ පහරකින් දරුවා මිය ගියා. ඊට හේතුව ඔහු සැහැසික වීඩියෝ ක්‍රීඩාවක් කරමින් සිටින විට කුඩා දරුවාගේ අත එහි තිබූ බොත්තමකට වැදී ඔහු ක්‍රීඩාවෙන් පරාජය වීමයි.ඒ හා සමාන සිදුවීම් අපට ඕනෑ තරම් අසන්න ලැබෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ බොහෝදෙනෙකුට තම කෝපය පාලනය කරගැනීමට නොහැකි බවයි. මිනිසුන්ට මෙතරම් කෝපයක් ඇති වෙන්නේ ඇයි? කෝපය පාලනය කර නොගැනීමෙන් කෙනෙකුගේ සිතුවිලි, හැඟීම්, හැසිරීම් සහ අන් අය සමඟ ඇති බැඳීම්වලට බාධාවක් විය හැකි බව එක් පොතක සඳහන් වෙනවා.—Boiling Point—Problem Angerand What We Can Do About It. යම් අවස්ථාවලදී අපට ඇති වන කෝපය නිසා යම් බාධා ජය ගැනීමට හැකි වුණා නම් එවැනි කෝපයක් වැරදි නැහැ. මෙම ලිපි මාලාවේ සඳහන් වෙන්නේ කෝපය පාලනය කර නොගැනීම නිසා ඇති වන ශාරීරික හා මානසික හානි මෙන්ම ආගමික ප්‍රතිපත්ති රැකීමට ඇති වන බාධා ගැනයි.
කෝප වීමට හේතු
මිනිසුන් කෝප වෙන්නේ ඇයි කියා විද්‍යාඥයන්ට පවා තේරුම්ගැනීම අපහසුයි. මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යයනය කරන ප්‍රවීණයන් පවසන්නේ යම් යම් හේතු නිසා මිනිසුන් තුළ කෝපයක් ඇති වන බවයි.
කලකිරීම, අන් අයගේ කුපිත කරවන ක්‍රියා නිසා මිනිසුන් තුළ කෝපයක් ඇති වෙනවා. උදාහරණයකට නින්දා කිරීම, අයිතිවාසිකමක් උදුරාගැනීම, හොඳ නම කෙලෙසීම වැනි දේවල් හේතු වෙයි.
පුද්ගලයාගෙන් පුද්ගලයාට කෝප වීමට බලපාන හේතු වෙනස්. වයස, ස්ත්‍රී පුරුෂභාවය හා සංස්කෘතිය අනුවත් එය වෙනස් වෙනවා. ඒ වගේම එක් එක් පුද්ගලයා කෝප වූ විට ක්‍රියා කරන ආකාරයත් වෙනස්. සමහර අයට කලාතුරකින් කේන්ති යන අතර ඉක්මනින් කේන්තිය නිවෙනවා. ඒත් තවත් අය සුළු දෙයටත් කිපෙන අතර එය දවස්, සති, මාස හෝ අවුරුදු ගණන් සිතේ තබාගන්නවා.
අප ජීවත් වන්නේ කෝපයට මඟ පාදන හේතු බොහොමයක් තිබෙන සමාජයකයි. බොහෝදෙනෙක් කල්පනාකාරීව වැඩ නොකිරීම සහ ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි. පුරාණ ශුද්ධ ලියවිල්ලක් වන බයිබලයේ සඳහන් වන්නේ ‘අවසාන කාලයේදී මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, හිතුවක්කාර, අහංකාර’ අය වන බවයි. ඇත්තෙන්ම අද අපි ජීවත් වෙන්නේ එවැනි සමාජයක නොවේද!
එවැනි ගතිගුණ තිබෙන පුද්ගලයන්ට තමන් බලාපොරොත්තු වන දේ ඉටු කරගැනීමට බැරි වූ විට කෝපයට පත් වෙනවා. කෝපයෙන් ක්‍රියා කිරීමට බලපාන තවත් හේතු තිබෙනවා. එවැනි හේතු කිහිපයක් දැන් අපි සලකා බලමු.
දෙමාපියන්ගේ අවාදර්ශය
යම් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඔහුගේ දෙමාපියන්ගේ ආදර්ශය බෙහෙවින් බලපානවා. මනෝ විද්‍යාඥයෙක් වන හැරී එල්. මිල්ස් පවසන්නේ “දෙමාපියන් කෝපයෙන් ක්‍රියා කරනවා දකින විට කුඩා කාලයේ සිටම දරුවනුත් එය අනුකරණය කරනවා” කියායි.
දරුවෙක් හැදී වැඩෙන්නේ පුංචි කාරණයට පවා විගස කෝප වන අය සිටින පරිසරයක නම් ඔහුද යම් ප්‍රශ්න ගැටලු ඇති වන විට කෝපයෙන් ක්‍රියා කරයි. දරුවෙකුව කුඩා පැළයකට සමාන කළ හැකියි. ඒ පැළයට නිසි පෝෂණයක් නොලැබෙන විට පැළය වැඩුණත් එය පල දරන සාරවත් ගසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ හා සමානව නිසි මඟ පෙන්වීම් නොමැතිව හැදී වැඩෙන දරුවෙකුද වැඩිහිටියෙක් වූ විට ඉවසීම වැනි හොඳ ගුණාංග ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ.
ජනාකීර්ණ නගර
වර්ෂ 1800දී ලෝක ජනගහනයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වුණේ සියයට තුනක් වැනි සංඛ්‍යාවක්. වර්ෂ 2008 වන විට එම සංඛ්‍යාව සියයට 50 දක්වා ඉහළ ගිය අතර 2050 වන විට එය සියයට 70ක් දක්වා ඉහළ යයි කියා බලාපොරොත්තු වෙනවා. මෙසේ නාගරිකව වෙසෙන ජනයා වැඩි වෙනවාත් සමඟම මිනිසුන් තුළ ඇති වන කෝපය හා කලකිරීමත් වැඩි වෙනවා. ඊට කදිම උදාහරණයක් වන්නේ මෙක්සිකෝ නගරයයි. එය ලෝකයේ ඇති ජනාකීර්ණ නගර අතරින් එකක්. එහි ඇති වාහන තදබදය මිනිසුන්ගේ කෝපය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එහි ජනගහනය මිලියන 18ක් වන අතර වාහන මිලියන හයක් තිබෙනවා. මෙක්සිකෝ නගරය ගැන එක් මාධ්‍යවේදියෙක් මෙවැනි දෙයක් පැවසුවා. “ලෝකයේ වැඩිම මානසික පීඩනයෙන් පෙළෙන අය සිටින්නේ මේ නගරයේයි. පුදුමාකාර වාහන තදබදයක් තියෙන නිසා මිනිසුන් නිතරම ඉන්නේ කේන්තියෙන්.”
වායු හා ශබ්ද දූෂණය, නිවාස ප්‍රශ්න, සංස්කෘතික ගැටුම් හා අපරාධ වැඩි වීම වැනි දේවල් නිසා නාගරික ජනයා නිතරම සිටින්නේ පීඩනයකින්. මෙවැනි දේවල් කෝපය, කලකිරීම හා නුරුස්සනා ස්වභාවය ඇති වීමට හේතු වී තිබෙනවා.
ආර්ථික ගැටලු
ලෝක ආර්ථිකය බිඳ වැටීමත් මිනිසුන්ගේ මානසික පීඩනය ඉහළ යෑමට හේතු වී තිබෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික කම්කරු සංවිධානය මගින් 2010දී මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළා. “ලෝකය පුරා මිලියන 210කට වඩා වැඩි පිරිසක් සිටින්නේ විරැකියාවෙන්.” ඉන් බොහෝදෙනෙක් රැකියාවලින් ඉවත් කළ අයයි.
රැකියාවල නිරත වන අයත් සිටින්නේ පීඩනයකින්. ඉහත සඳහන් කළ කම්කරු සංවිධානය පවසන්නේ රැකියාවල නියැලෙන අය පවා මානසික පීඩනයෙන් සිටීම “ලෝක ව්‍යාප්ත ගැටලුවක්” වී තිබෙන බවයි. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ කළමනාකරණය පිළිබඳ උපදේශකයෙක් වන ලෝන් කර්ටීස් මෙසේ පැවසුවා. “බොහෝදෙනෙක් සිටින්නේ තමන්ගේ රැකියාව නැති වෙයි යන බියෙන්. ඒ නිසා ඔවුන් රැකියාව ආරක්ෂා කරගැනීමට ප්‍රධානීන් සහ සෙසු සේවකයන් සමඟ ගැටුම් ඇති කරගන්නවා.”
අයුක්තිය හා අසාධාරණය
ඔබ ඇවිදීමේ තරඟයකට සහභාගී වෙනවා කියා සිතන්න. සියලුදෙනාම නිදහසේ ඇවිදින අතර ඔබගේ කකුල්වලට පමණක් විලංගු දමා තිබෙනවා. ඔබට කෙසේ හැඟෙයිද? වර්තමානයේ බොහෝදෙනෙකුට අයුක්තියක් හා අසාධාරණයක් සිදු වන විට හැඟෙන්නේද එලෙසයි. අධ්‍යාපනය, රැකියාව, නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරාගැනීමේදී යම් සීමා බාධකවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වන නිසා කෝපයක් ඇති වෙයි.
වෙනත් ආකාරයේ අසාධාරණකම් නිසාද කෙනෙකු මානසිකව පීඩා විඳිය හැකියි. අප හැමෝම ජීවිතයේ යම් අවස්ථාවකදී එවැනි තත්වයකට මුහුණ දී තිබෙන්න පුළුවන්. සෑම තැනකම අයුක්තිය අසාධාරණයරජයන විටත් සහනයක් ලැබීමට මඟක් නැති විටත් කෙනෙකුට කෝපය ඇති විය හැකියි.
ජනමාධ්‍යයේ බලපෑම
රූපවාහිනිය හා වෙනත් මාධ්‍යයන් තුළින් නරඹන සැහැසික දර්ශන දරුවන්ගේ මනසට විශාල බලපෑමක් සිදු කර ඇති බව බොහෝ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. එක් මාධ්‍යවේදීයෙක් වන ජේම්ස් පී. ස්ටියර් මෙසේ පැවසුවා. “යම් පුද්ගලයෙක් දිගින් දිගටම සැහැසික ක්‍රියා නරඹනවා නම් කෝපය පිට කිරීම වැරදි නැහැ කියා සිතීමටත් දරුණු ක්‍රියා සාමාන්‍ය දෙයක් කියා සිතීමටත් පෙලඹෙයි. ඒ නිසා ඔහු තුළ තිබෙන ආදරය කරුණාව වැනි යහගුණ හීන වී යයි.”
සැහැසික දර්ශන නරඹන සෑම යෞවනයෙක්ම අපරාධකරුවෙක් නොවෙන බව ඇත්තයි. ඒත් රූපවාහිනිය වැනි මාධ්‍යවලින් පෙන්වන්නේ යම් ප්‍රශ්න ගැටලු ඇති වන විට දැඩි කෝපයෙන් ක්‍රියා කිරීමේ වරදක් නැති බවයි. මේ නිසා වර්තමාන පරම්පරාවට සැහැසික ක්‍රියා සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා.
මිනිසුන් තමන්ගේ එදිනෙදා වගකීම් ඉටු කිරීමේදී කලකිරීමට පත් වන්නේ ඇයි කියා ඉහත සලකා බැලූ කාරණාවලින් පැහැදිලි වෙනවා.
කෙනෙකුට කෝපයක් ඇති වීමට අප අවට මොන තරම් නම් හේතු තිබෙනවාද! නමුත් කෝපය පාලනය කරගත හැකි ආකාරය ඊළඟ ලිපියෙන් සලකා බලමු.
කෝපය පාලනය කරගැනීමේ ගැටලුවක් තිබෙනවාද කියා හඳුනාගන්න
▶ පෝළිමක ටික වේලාවක් සිටීමට සිදු වුණොත් කේන්ති යනවාද?
▶ සෙසු සේවකයන් සමඟ නිතර වාද කරනවාද?
▶ දවල් කාලයේ සිදු වූ කෝප කරවන දේවල් ගැන සිතමින් සිටින නිසා රාත්රියේදී නින්ද යන්නේ නැද්ද?
▶ සමාව දීම අසීරුද?
▶ හැඟීම් පාලනය කරගැනීමට බැරිද?
▶ කෝපයෙන් ක්‍රියා කිරීම ගැන ලැජ්ජාවක් සහ දුකක් දැනෙනවාද?*
තොරතුරු ලබාගත්තේ MentalHelp.net වෙබ් අඩවියෙනුයි.
සංඛ්‍යා ලේඛන
එංගලන්තයේ මානසික සෞඛ්‍යය පදනම විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව.
වසර පහකට පෙර රැකියාව නිසා නොතිබුණු පීඩනයක් දැන් තිබෙන බව 84%ක් පවසනවා.
කාර්යාලයේදී වෛර සහගත සිදුවීම්වලට 65%ක් මුහුණ දී තිබෙන බව පවසනවා.
කාර්යාල සේවකයන්ගෙන් 45%ක් නිතර නිතර කෝපයට පත් වෙනවා.
දිනපතාම රැකියාවට වාර්තා නොකරන අයගෙන් 60%කටම හේතු වී තිබෙන්නේ මානසික පීඩනයයි.
බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 33%ක්ම තම අසල්වාසීන් සමඟ සුහදශීලී නැහැ.
සිදු කළ සමීක්ෂණයකදී 64%ක් කියා සිටියේ මිනිසුන් කෝපයෙන් ක්‍රියා කරන බවයි.
කෝපය පාලනය කරගැනීමට බැරි කිට්ටු මිතුරෙක් හෝ පවුලේ කෙනෙක් තමන්ට සිටින බව 32%ක් පවසනවා.
දරුවන්ට ඔබ හොඳ ආදර්ශයක්ද?
කෝප වීම ගැන ඔබ දරන අදහසට ඔබ නරඹන දේවල් හේතු වී තිබෙනවාද?
කෝපය පාලනය කරගනිමු!
බිය, දුක, වෛරය ඇතුළත් නාට්‍ය නැරඹීමෙන් කෙනෙකුගේ මානසික පීඩනය මුදාහැරිය හැකි බව මීට වසර 2,000කට පමණ පෙර සිටි ග්‍රීක දර්ශනවාදියෙක් වන ඇරිස්ටෝටල් පැවසුවා. ඔහු ඉන් අදහස් කළේ එසේ කිරීමෙන් කෙනෙකුට මානසික සුවයක් ලැබෙන බවයි.
ඔස්ට්‍රියානු ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කළා. ඔහු පැවසුවේ යම් පුද්ගලයෙක් කෝපය වැනි හැඟීම් සිතේ සිර කරගැනීම, පසු කාලයකදී මානසික රෝගී තත්වයකට මඟ පෑදිය හැකි බවයි. කෝපය පිට කිරීම සුදුසු බව ඔහුගේ නිගමනයයි.
නමුත් එවැනි මතවල කිසිදු සත්‍යයතාවක් නැති බව මෑත දශකවල සිදු කළ පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. මෙම සොයාගැනීම් පදනම් කරගෙන මනෝ විද්‍යාඥවරියක් වන කැරල් ටැව්රස් පැවසුවේ “කෝපය පිට කිරීමෙන් මානසික සහනයක් ලැබෙන බවට වූ මතයට තිත තබන්න කාලය ඇවිත්” කියායි. එමෙන්ම “සැහැසික දේවල් නැරඹීමෙන් කෝපයේ හැඟීම් පිට කිරීමට හැකියි යන මතය පිළිගැනීමට කිසිදු සාක්ෂියක් නැති” බවත් ඇය පවසනවා.
තවත් මනෝ විද්‍යාඥයෙක් වන ගැරී හාන්කෙන්ස් පැවසුවේ “කෝපය පිට කිරීමෙන් සහනයක් ලැබෙනවාට වඩා පීඩනයක් ඇති වන බවයි.” ඒ අදහසට මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රවීණයන්ද එකඟ වෙනවා.
“කෝප වීමෙන් වළකින්න”
ඉවසන්න
දැඩි කෝපයක් ඇති වන විට ඉවසන්න. කටට එන සෑම වචනයක්ම පිට කරන්න එපා. පාලනය කරගන්න බැරි තරමටම කෝපයක් ඔබට ඇති වෙනවා කියා සිතෙනවා නම් මේ උපදෙස අදාළ කරගන්න. “රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි. එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.”
ජැක් නම් තැනැත්තාට කෝපය පාලනය කරගැනීමට උපකාරවත් වුණේ එම උපදෙසයි. ජැක්ගේ පියා බීමත්කමට ඇබ්බැහි වූ දාමරික පුද්ගලයෙක්. ජැක් එවැනි පරිසරයක හැදී වැඩුණු නිසා ඔහු තුළත් දරුණු ගතිලක්ෂණ දක්නට ලැබුණා. ඔහු මෙසේ පවසනවා. “කේන්ති ගියාම මට දැනුණේ මාව ගිනිගන්නවා වගේ. ඒ වෙලාවට මම කට විතරක් නෙවෙයි අත පයත් පාවිච්චි කෙරුවා.”
දවසක් ඔහුගේ රැකියා ස්ථානයේ සේවකයෙක් කෝපයෙන් බැණවැදුණු විට ඔහු ක්‍රියා කළ ආකාරය ගැන ඔහු මෙසේ පවසනවා. “මට ඒ වෙලාවේ ආවේ පුදුම කේන්තියක්. එයාව උස්සලා පොළොවේ ගහන්න හිතුණා.”
ඒ අවස්ථාවේදී ඔහු කෝපය පාලනය කරගත්තා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි”
සන්සුන් වෙන්න
‘සන්සුන් මනසක් ගතට සුවයක්’ සන්සුන්ව කටයුතු කිරීමෙන් මානසිකවත් ශාරීරිකවත් නිරෝගීව සිටිය හැකි අතර දෙවිගේ හදවත සතුටු වන ආකාරයේ ජීවිතයක් ගත කිරීමටත් හැකියි. සන්සුන් වීමට පහත සඳහන් සරල ක්‍රම අත්හදා බලන්න.
● ලොකු හුස්මක් ගන්න. එය කෝපය පාලනය කරගැනීමට තිබෙන හොඳම හා වේගවත්ම ක්‍රමයයි.
● එසේ හුස්ම ගැනීමේදී “සන්සුන් වෙන්න,” “අමතක කරන්න,” “කලබල වෙන්න එපා” වැනි දේ පවසන්න.
● ඔබ ආශා කරන යම් ක්‍රියාකාරකම්වල නියැලෙන්න. කියවීම, සංගීතයට සවන් දීම, වත්තේ වැඩ කිරීම හෝ වෙනත් දෙයක් කළ හැකියි.
● නිතිපතා ව්‍යායාම කිරීමත් පෝෂ්‍යදායී ආහාර ගැනීමත් ප්‍රයෝජනවත්.
සීමාවන් තේරුම්ගන්න
ඔබව කුපිත කරවන පුද්ගලයන්ව, තත්වයන් හෝ දේවල් ඔබේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරන්න ඔබට බැහැ. නමුත් ඔබ සිතන ආකාරය වෙනස් කරගත හැකියි.
මහත් බලාපොරොත්තු තබාගෙන සිටින අය කෝප වීමට තිබෙන ප්‍රවණතාව වැඩියි. ඊට හේතුව යමෙකු තමන් බලාපොරොත්තු වූ ආකාරයට කටයුතු කළේ නැත්නම් හෝ යම් දෙයක් සිතූ ලෙස ඉටු වුණේ නැත්නම් ඉක්මනින්ම කෝපයට පත් වීමයි. නමුත් සෑම දෙයක්ම අංග සම්පූර්ණව ඉටු විය යුතුයි යන ආකල්පය ඇති අය බයිබලයේ සඳහන් මෙය සිතට ගත යුතුයි. ‘කිසි ධර්මිෂ්ඨ මිනිසෙක් නැත. එක් කෙනෙක්වත් නැත. සියලුදෙනාම යහපතින් ඉවත් වී කිසි වැදගැම්මකට නැති අය බවට පත්ව ඇත.’ ඒ නිසා සෑම කෙනෙක් අතින්ම අඩුපාඩු සිදු වෙන බව පිළිගන්න.
කෝපය පාලනය කරගැනීමෙන් අපටත් අන් අයටත් යහපතක් සිදු වෙයි.
සන්සුන් වීමට
ලොකු හුස්මක් ගන්න
ඔබ ආශා කරන ක්‍රියාවක යෙදෙන්න
නිතිපතා ව්‍යායාම් කරන්න

No comments:
Post a Comment