Safe Drinking and Alcohol Counseling
සාමාන්‍යයෙන් මත් පැන් භාවිතා කළ යුතු ප්‍රමාණයක්
තිබෙනවාද? මත්පැන් පානය කිසිසේත්ම හොද නැති බව මට
අවධාරණය කර සිටිනවා. එය ජීවිතයට හානිකර, තමන්ගේ ආයුෂ කෙටි කර ගැනීමට සොයාගත් විස පානයක් ලෙසයි මම දකින්නේ. නමුත් විදෙස් රටවල මත්පැන් භාවිතා කළ
යුතු ප්‍රමාණයක් තිබෙනවා. පිරිමි කෙනෙක් සතියකට යුනිට් Unit 14 ක් පානය කළාට සිරෝසීස් අවදානම නැහැ. කාන්තාවන්
Unit 7 ක් පානය කිරීමට අවසර දී තිබෙනවා. ඒ
සතියකට ලංකාවේ ශිෂ්ඨාචාරය අනුව අපේ රටේ කාන්තාවන් මධ්‍යසාරය පාවිච්චි කරන්නේ නැහැ.
නමුත් යුරෝපාකරයේ කාන්තාවන් මත්පැන් පාවිච්චි කරනවා. කාන්තාවන්ගේ safe limit එක පුරුෂයන්ගේ safe limit එකට වඩා අඩුයි. එයට හේතුව අපේ සිරුර තුළ Alcohol
dehydrogenises නමැති එන්සයිමයක් තිබෙනවා. ගැහැනුන්ගේ එම එන්සයිමය අඩුයි. ඒ නිසා
මත්පැන් පානය කරන කාන්තාවක් නම් පිරිමින්ට වඩා ගැහැනුන්ට මත්පැන් පානය කළ යුතු ප්‍රමාණයද
අඩු විය යුතුයි.
රාගම
ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා - Dinamina
arogya 2010/09/15
=====================================================
මත්පැන් සහ මොලය
- Alcohol and
your Brain
පහත දැක්වෙන සාධක මත මත්පැන් වලින්
ඇතිවන හානියේ තීව්රතාවය වෙනස්විය හැකි බව පෙනීගොස් ඇත.
1. ස්ත්‍රී
පුරුෂ භාවය
2. වයස
3. උස
4. බර
5. ශරීර
සෞඛය
6. අමාශයේ
ඇති ආහාර ප්‍රමාණය
7. තමන්
ගන්නා පානයේ අඩංගු මත්පැන් (Alcohol Concentration) සාන්ද්‍රණය
8. නියම කර
ඇති හෝ නොකල ඖෂධ ලභාගැනීම
මත්පැන්
වලින් ඔබට වන බලපෑම ගැන කතාකිරීමේදී රුධිරයේ අඩංගු මත්පැන් සාන්ද්‍රණය (Blood
Alcohol Concentration - BAC) ඉතා වැදගත්.
Total
amount of alcohol = Blood Alcohol
Total body
water
Concentration
Total body
water
Concentration
Total
amount of alcohol : මත්පැන් ප්‍රමාණය
Total
body water :ශරීරයේ
අඩංගු සම්පුර්ණ ජලය ප්‍රමාණය
මත්පැන්
ජලයේ දියවන අතර මත්පැන් සමග ජලය වැඩිපුර පානය කිරීමෙහි යම් හිතකර බවක් ඇතත්
මත්පැන් වලින් වන හානිය ගැන සිතනවිට එය සුළුවෙන් හෝ පානය කිරීමට අනුබල දීමක්
කිසිවිටකත් නොකළ යුතුය. "පොඩ්ඩක් ගත්තට කමක් නැහැ,""පාටියකදී
විතරක් පොඩ්ඩක් ගන්නවා " "I'm a Social drinker"
" බියර්
එකක් නම් බිව්වට අවුලක් නැහැ " වැනි වදන් වලට මුවාවී ලීටර් ගණන් මත්පැන්
පානයකර අවාසනාවන්ත ඉරණම් උදාකරගත් ජිවිත බොහෝය.
මත්පැන්
පානය කර වාහන පැදවීම නීතිවිරෝදී මෙන්ම කෙනෙකුට කළහැකි අනුවනම ක්‍රියාව ලෙසද
හැඳින්විය හැක. මෙසේ ප්‍රකාශ කිරීමට තීරණාත්මක සාදක බොහොමයක් ඇත. ඔබ ලබාගන්න
මත්පැන් ආහාර මාර්ගය ඔස්සේ අමාශයට ගමන් කරයි. එහිදී පානය කල මත්පැන් වලින් 20% පමණ
ඉක්මනින්ම අවශෝෂණය කරගන්නා අතර ඉතිරි 80% කුඩා අන්ත්රයේදී (කුඩා
බඩවැලේදී) අවශෝෂණය වේ. ඉන්පසුව අවශෝෂිත මත්පැන් (Alcohol) හදවත
මගින් මධ්‍ය ස්නායු පද්ධතිය Central Nervous System-CNS (මොලය
ශුශුම්නාව) ඇතුලත්ව ශරීරයේ සැම කොටසකටම පරිවහනය කරනු ලබයි.
මත්පැන්
පානයකර ඉතා සුලුවෙලාවකින්ම හිස ප්‍රදේශයේ යම් ඉහිල් බවක් හෝ හිසේ බර
ගතියක් දැනෙන්නට වන්නේ මෙම මත් පැන් ඉතා ඉක්මනින් මොලය කරා ගමන් කරන බැවිනි. මොලයේ
ස්නායු සෛල අතර සහ ස්නායු සෛල සහ අනෙකුත් ශරීර කොටස් අතර සන්නිවේදන ක්‍රියාවලියේ
වේගය අඩාළ කිරීම මෙහිදී සිදුවේ.
එබැවින්
ඉතා සුළු මත්පැන් ප්‍රමාණයකින් උවද කෙනෙකුගේ "හැඟීම්, තීරණ
ගැනීම්, සමබර තාවය, මතකය, කථනය, කොපවිම
" ආදිය වෙනස් වන බව නිරීක්ෂණය කලහැක. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 වනතෙක්
ඔබේ මොලය වර්ධනය වේ. එහිදී මත්පැන් වලින් වැලකිසිටීම වැදගත් වන්නේ ආපසු හැරවිය
නොහැකි හානි ඔබේ මොලයට සිදුවීමට ඉඩඇති බැවිනි.
මෙහිදී
මොලයේ සෙරිබ්‍රල් කෝටෙක්ස් Cerebral Cortex (සංවේදන පාලනයවන ප්‍රදේශය) ප්‍රදේශයට
බලපෑම් ඇතිවූවිට කෙනෙකු කතා පෙට්ටියක් මෙන් කියවීමටත්, ආත්මවිශ්වාසයෙන්
මෙන් හැසිරීමටත්, සමාජ ශීලි ගති පෙන්වීමටත් පටන් ගන්න අතර චින්තන ක්‍රියාවලියටද
බලපෑම් ඇතිවේ. එබැවින් නිවැරදි තීරණ හෝ විනිශ්චයන් ලබාදීමට නොහැකි වීමත් පැහැදිලිව
සිතීමට නොහැකි වීමත් මෙහිදී සිදුවේ.
සැලසුම්
කිරීම, අදහස් ගොඩනැගීම, තීරණ ගැනීම, ස්වයං
පාලනය ආදියට වගකියන මොලයේ ඉදිරිපස කොටසට (Frontal lobes) බලපෑම්
ඇතිවූවිට පහත සඳහන් ලක්ෂණ දැකියහැකිවේ.
1. හැඟීම්
පාලනයේ දුර්වලතා
2. දුරදිග
නොසිතා කටයුතුකිරිම
3. ප්‍රචණ්ඩකාරිවිම
හෝ තමාගේ එදිනෙදා චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් ඉදිරිපත්කිරීම
සම්භන්ධිකරණය, චින්තනය
සහ දැනුවත් වීම පාලනයවන සෙරිබෙල්ලම් (Cerebellum) ප්‍රදේශයට
බලපෑම ඇතිවූවිට තමන්ගේ මානසික මෙන්ම ශාරීරික හැකියාවන් අඩාලවේ. ඇතැම් විට සමබරව
ඇවිදීමට නොහැකිව ඇදවැටී තුවාල සිදුවිමටද මෙහිදී බොහෝ ඉඩ ඇත.
මතකශක්තිය
සහ මතකය සම්බන්ද වන හිපොකැම්පස් (Hippocampus) ප්‍රදේශයට බලපෑම් ඇතිවූවිට දැන්
ඔබට ඇසුණු දෙයක්වත් මතක නැතිවීමටත්, පසුගිය රාත්‍රියේ ඔබ කලේ
කුමක්දැයි කියාවත් ඔබට මතක නැති වීමට පුළුවන. එමෙන්ම ඉගෙනීමට සහ කරුණු ධාරණය
කරගැනීමටද භාදා ඇතිවේ.
හයිපොතැලමසය
(hypothalamus)ශරීරයේ කාර්යන් රැසකට වගකියන මොලයේ පිහිටි විශේෂ ප්‍රදේශයකි, එයට
බලපෑම් ඇතිවූවිට රුධිර පීඩන, මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය, පිපාසය, බඩගින්න
වැඩිවන අතර ශරීර උෂ්ණත්වය සහ හර්ද ස්පන්දනය අඩුවේ.
හර්ද
ස්පන්දනය සහ ශරීර උෂ්ණත්වය පාලනය වැනි ස්වන්ක්රිය ක්‍රියා වලට සම්බන්ද මෙඩුලා (Medulla)ප්‍රදේශයට
බලපෑම එල්ලවුවිටද ශරීර උෂ්ණත්වයට බලපෑම් එල්ලවේ. සීතල පරිසරයකදී එළිමහනේ මත්පැන්
පානය කිරීමනිසා ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට වඩා පහත වැටියහැක. මෙම භයානක තත්වය
හයිපොතර්මියා (Hypothermia) ලෙස හඳුන්වයි.
ඉහත
සියලු හානිදායක තත්වයන් මොලය සම්බන්ද කරුණු කාරණාවේ. ඊට අමතරව මත්පැන් නිසා ඇතිවිය
හැකි වෙනත් හානි බොහෝය.
ආහාර
මාර්ගයේ කැල්සියම් සහ වෙනත් පෝෂපදාර්ථ අවශෝෂණය සඳහා වන කොටස් මත්පැන් නිසා හානියට
පත්වූවිට කැල්සියම් ඌනතාවයන් මෙන්ම මන්ද පෝෂණය පවා ඇතිවිය හැක. දත් දුර්වලවීම සහ
නොයෙකුත් අස්ථි ආභාධ කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන අනිසි පල විපාකවේ. එමෙන්ම පෝෂ
පදාර්ථ අවශෝෂණයේ දුර්වලතා නිසා කොපමණ පෝෂජනක ආහාර ගත්තද නිසි පෝෂණයක් නොලැබේ.
ඉතිං ඔබේ
මොලය මත්පැන් වලින් විනාශ වීමට පෙර සිතන්න
1. වර්ධනය
වන මොලයට මත්පැන් ඉතා විෂ සහිතය
2. මත්පැන්
වලට මොලයේ කොටස් සදහටම අකර්මන්‍ය කලහැක
3. මුදල් සහ
කාලය විනාශවීම.
4. පව්ලේ
සමගියට භාදා ඇතිවීම.
5. මත්පැන්
සමග අත්වැල් බැඳගෙන සිටින දුම්වැටි වලට, සුදූ ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට
ඇති හැකියාව.
ඔබේ
මොලයේ දිගුකාලින ක්රියාකාරිත්වයටත් යහපත් මානසික හා ශාරීරික සෞඛයටත් වැදගත් වන්නේ
මත්පැන් වලින් දුරස්වීම මිස එය වැළඳ ගැනීම නොවේ
මදුර හේවගේ වෙබ් අඩවිය ඇසුරෙනි.
No comments:
Post a Comment